පොලීසිය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඉදිරි මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එයට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

මහ මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර ඒ සඳහා ආරක්ෂාව සැලසීම ඇතුළු මහ මැතිවරණයේ සමස්ත ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද (02) සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට පැමිණීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *