දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරු සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු අද (06) කොළඹට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට කැඳවූ බවයි.

මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරී සඳහා යොදවන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පුහුණු කිරීම්ද මේ වන විට අවසන් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *