පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් අතරින් 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයන් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බවයි.

ඒ අනුව අදාළ අපේක්ෂකයන්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *