මැතිවරණ රාජකාරී සඳහා ඇති සියලුදෙනා නියමිත දිනට අදාළ ස්ථානයට යායුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. ඒ. රත්නායක ප්‍රකාශ කළා.

ඒ මහ මැතිවරණය සම්බන්ධයෙන් අද (12) පැවති දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ රාජකාරී සඳහා ලබාදී තිබෙන පත්වීම් කිරීම හෝ අවලංගු කිරීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම මැතිවරණ රාජකාරී සඳහා නොපැමිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *