මැතිසබයේ ඊයේ (2) හදිසි රැස්වීම පැවැත්වීමට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ පෙරේදා රැස්වීම පැවැත්වුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටයි.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

රැස්වීම කෙටි වුවත් පාර්ලිමේන්තුවක් රැස්වන දිනයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් වැයවන මුදල මෙවැනි කෙටි රැස්වීම්වලදීද එකසේ වැය වන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *