කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (20) අලුයම හතරට පමණ පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

දුම්රිය පීලිවලට හානි සිදුවී ඇති බැවින් මේ වෙනවිට කොළඹ මඩකලපුව දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *