ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයන්ට නිකුත් කර තිබූ වාරණ නියෝග 9ක් යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (30) නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම වාරණ නියෝග එළඹෙන ඔක්තෝබර් 09 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන පුද්ගලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම සහ එම තනතුරුවල වෙනත් පුද්ගලයන් කටයුතු කිරීම වළක්වාලමින් මෙම වාරණ නිකුත් කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *