ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමු කර තිබෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැනට සිදු කෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව මාධ්‍යවේදියෙක් යොමු කළප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එම අපරාධ ත්‍රිත්වයේ පරීක්ෂණ බොහෝ දුරට අවසාන වීම හේතුවෙන් මෙම විමර්ශන සිදු කිරීම ආරම්භ කළ බවත් ඉදිරියේදී අනෙකුත් ඝාතන සිද්ධීන් පිළිබඳව විමර්ශන යළිත් වරක් ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *