මේ වන විට යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 226ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එයින් තවත් පුද්ගලයින් 80 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යාගී සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඕසය හා මියන්මාරය හරහා ද හමාගොස් තිබෙනවා.
ඉන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ .