යුධ හමුදාව අපකීර්තියට පත්වන අන්දමේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙලෙස යුධ හමුදාවට අපහස වන ලෙස කටයුතු කරන බවයි.

එවැනි ප්‍රචාර ජනතාව හා යුධ හමුදාව අතර විශ්වාසය පළුදු කිරීමට කිරීමට දරන අසාර්ථක උත්සාහයන් බව එම නිවේදනයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *