රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ඇය මේ බව කියා සිටියා.

මෙහිදී අධ්‍යාපන අංශය වෙනුවෙන් ඵලදායිතා තරගාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය අංශය වෙනුවෙන් තරගාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් තරගාවලිය ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය ඉන්ද්‍ර ප්‍රදාන සිංහවිතාන විසින් ද ප්‍රකාශයට පත් පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *