රාජ්‍ය සේවකයා රාජකාරී සීමාව තුළ ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත් නොකළ යුතු දේ සිදු කළහොත් නොපැකිළව ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍යංශයේ අද (15) පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින්.
පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවත් ඊට අදාළව ගත යුතු සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ මෙවර ජනවරමේ සංයුතිය, අරමුණ හා අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බවයි.
තම කණ්ඩායම විසින් ඊට අදාළ දේශපාලන නායකත්වය ලබා දීමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.