ඉකුත් ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දය භාවිතා කළ රජයේ සේවකයන්ට ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද හිමිකම ලබාදීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.

එහෙත් ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වූ රජයේ සේවකයන්ට හා අලුතෙන් තැපැල් ඡන්ද ඉල්ලුම් කරන පිරිසට පමණක් අද සිට ඒ සඳහා අවස්ථාව හිමිවන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *