නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එලෙස නවතා තැබෙන වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන් නොමැතිව ඉවත් කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එසේම එලෙස ඉවත් කිරීමට කටයුතු කරන වාහන සඳහා පොලිස් නිලධාරීන්ට වැයවන මුදල් වාහනයේ රියැදුරුට හෝ හිමිකරුට ගෙවීමට සිදුවන බවත් එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *