ඇමරිකානු ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිවැරදිව හා ධෛර්යවන්ත ලෙස කටයුතු කළ බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය ජය ගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් එක් කරමින්.

රුසියානු යුක්‍රේන යුධ ගැටලුව සම්බන්ධයෙන්ද ඉදිරියේදී ඇමරිකානු ජනපති සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *