මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 10,323ක් උග්‍ර පෝෂණ ඌනතාවයෙන් සහ 25,269ක් මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 994ක් ලෙසයි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 930ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 629ක්, නුවර දිස්ත්‍රික්කයෙන් 622ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 619ක් වාර්තා වනවා.

මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු 5ට අඩු දරුවන් 2,550ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්, 2,245ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්, 1,578ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ 1,340ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් එම වාර්තාවේ සඳහන්.

මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් වයසට සරිලන ලෙස බර අඩු දරුවන් 215,386ක් සහ වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538ක් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *