ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.

කිලෝ 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් ලෙස දැක්වෙනවා.

කිලෝ 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල ගණන් රුපියක් 18කින් අඩුකර තිබෙනවා.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *