ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ පිපිරීම් රැසකින් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් 09 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමගින් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම ඔවුන්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔවුන් මෙලෙස තුවාල ලබා ඇත්තේ හිස්බුල්ලා සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදාගන්නා ” ජේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍රය එකවර පුපුරා යාමෙන්.