නීතිවිරෝධී අයුරින් එකලස් කරන ලද සුඛෝපබෝගී මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක සඳහන් කළේ අධිකරණයෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව අඛණ්ඩව ලබාදිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ බවයි.

ඔහු අග්න්‍යාශ ප්‍රදාහය (Pancreatitis) අක්මාවේ තෙල් තැම්පත් වීම (Fatty liver) ඇතුළු රෝග ගණනාවකින් පෙළෙන බව බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

එබැවින් ඔහු අඛණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනුවෙන් බන්ධනාගාර රෝහලට ඔහුව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *