ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් (54) ඊයේ (11) ෆෙඩරල් තුවක්කු නඩු විභාගයේදී චෝදනා තුනටම වැරදිකරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, හන්ටර් බයිඩන් අපරාධ චෝදනාවලට වැරදිකරු ලෙස ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුගේ පළමු පුත්‍රයා බවට පත්වුණා.

හන්ටර් බයිඩන් 2018 දී අත් තුවක්කුවක් මිල දී ගත් විට ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බොරු ප්‍රකාශ කර ඇති බව නඩු පවරන්නන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හන්ටර් බයිඩන් සිරගත වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *