ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක අධාරයක්
මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන බවයි.