නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු හසරංග එක් ස්ථානයක් පසුබසිමින් 4වන ස්ථානයට පත්ව තිබෙනවා.

එමෙන්ම නවතම ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු ස්ථාන 2ක් පසුබසිමින් බංගලාදේශයේ ෂකිබ් අල් හසන් සමඟ 3වන ස්ථානයේ සමතැන්ගෙන සිටිනවා.

වනිඳු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටියේ පළමු ස්ථානයේයි.

මේ අතර නවතම ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංඛට ස්ථාන 11ක් ඉදිරියට පැමිණීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව පැතුම් එම ශ්‍රේණිගත කිරීම්වල Jonny Bairstow සහ Reeza Hendricks සමඟ සමතැන්ගෙන 15වන ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම කුසල් මෙන්ඩිස්ද එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 19 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *