වසර 13කට පසුව අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ ලබන අගෝස්තු 19වනදා සහ 20වනදායි.
සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදුකරන අතර, අවසන් සංගණනය සිදුකළේ පසුගිය 2011 වර්ශයේදී.
නමුත් 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අලි සංගණනය කොවිව් වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදුවුණා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහාය සහිතවයි මෙම සංගණනය සිදු කිරීමට සැළසුම් කර ඇත්තේ.
(rednews)