ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මින් පෙර පොලිස්පති ධූරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් හට අධිකරණය මඟින් එම ධූරයේ රාජකාරි සිදුකිරීම අත්හිටවනු ලැබුවා.

ඒ හේතුවෙන් පුරප්පාඩුව පැවති පොලිස්පති ධූරයට මෙලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු ලෙස 1988 සේවයට බැඳී ඇති අතර 1992 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස උසස්වීම් ලබා තිබෙනවා.

එමෙන්ම ඔහු අවසන් වරට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *