2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී තේ, රබර්, පොල්, කුරුඳු සහ ගම්බිරිස් යන වැවිලි බෝග අපනයනයෙන් ඩොලර් මිලියන 1118.06ක ආදායමක් ලැබී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

2023 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලයේ මෙම වැවිලි බෝග වලින් උපයන ලද අපනයන ආදායම දැක්වෙන්නේ ඩොලර් මිලියන 884.6ක් ලෙසයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වර්ෂයේ පළමු මාස 04 තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස 04 තුළ දී ඉපැයීමට හැකි වී තිබෙන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *