ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකශ කළා.

ඒ ඊයේ (29) වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේඛම් කාර්යාලයේදී පවතී සාකච්ඡාවකට එක වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 03 ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඩිජිටල්කරණයට අදාළ මැදිහත්වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *