විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනීමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල් ල්නෑව පොලීසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ නැගම, නෑගම්පහ පදිංචිව සිටි මුදන්නායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න (68) නැමති ගොවියෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ඊයේ (15) විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනීමට උත්සහා දරමින් සිටියදි විදුලි සැර වැදි ගල්නෑව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එහිදි මියගිය බව පොලීසිය පවසනවා.