විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (18) දෙමව්පියන් විරෝධතාවයක නිරත වුණා.
ඒ පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත්කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින්.
මෙලෙස විරෝධතාවයේ නියැලුණු දෙමව්පියන් කිහිපදෙනෙක් විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදුන් අතර එම දෙමව්පියන් ඉල්ලීම් කරන්නේ පැවති විභාගය අවලංගු කරන ලෙසයි.
එම ස්ථානයට පොලීසිය සහ කැරලි මර්ධන ඒකකයද කැදවා ඇති බව සඳහන් වනවා.