විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු හැකි ඉක්මනින් සකස් කිරීමට පියවර ගෙන තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර තිබෙන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවක හිඟය හේතුවෙන් මේ සඳහා යම් යම් බාධා එල්ල වී තිබෙනවා.

නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ කඩයිම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 43000කට අධික සංඛ්‍යාවක් ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කර තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *