2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්ත යුවළක් පැමිණ තිබෙනවා.

එම යුවළ පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *