ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ක්‍රිස් සිල්වර්වුඩ් පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පාලන කාලය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2022 දී T20 ආසියානු කුසලානය ජයගත් අතර 2023 දී එක්දින ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළා.

එමෙන්ම ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට දේශීය හා විදේශීය වශයෙන් ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමට හැකි වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *