තවදුරටත් තම රටේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා නොගන්නා බවට රුසියාව සහතික වී තිබෙනවා.
රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මෙම සහතිකය ලබා දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවලට බඳවා ගැනීම් සිදු නොකිරීමට එකඟතාවක් ඇති කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
(rednews)