මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිහිපයක් හුවමාරු වීම නිසා මෙලෙස එම ප්‍රශ්න ඉවත් කිරීමට යෝජනා වී ඇති බවයි.
ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක්ද අද (17) පවත්වා තිබෙනවා.
මෙම ප්‍රශ්න තුන පිටවීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද ඔහු ප්‍රකාශ කළා.