ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමාපියන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය ඔවුන්ට දැනුම්දුන් බවයි.

එමෙන්ම එහිදී ඔවුන් පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී මව්පියන් 06 දෙනෙක්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *