නවක වදය නිසා සිතු තැවුලට පත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබූ සිසුවාට නවක වදය දුන් බව කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.
එම සිසුන් දස දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරුණා.