මෙරට ආදිවාසින්ගේ මානව අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ කිහිපයක් ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා.
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් මඟින් එම භාණ්ඩ ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ උරුමයක් බවට තහවුරු කිරීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආදිවාසීන්ගේ සිරුරු දොළහක්, හිස්කබල් තිහක් සහ කිලෝ 400ක බරකින් යුත් සංස්කෘතික කෞතුක භාණ්ඩ රැසක් නැවත ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.
මෙම මානව අස්ථි සහ කෞතුක භාණ්ඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් නැවත අදියර 03ක් යටතේ පර්යේෂණ කරන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව මාස 06කින් පසුව දඹාන කෞතුකාගාරයේ තැන්පත් කරනු ලබනවා.
(rednews)