රටේ පවතින ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමන් සමඟ සිටි පළපුරුඳු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අද (17) කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම 1%ක ආර්ථික වර්ධනයක් ලබාගත යුතු බවද සඳහන් කළා.

මීළඟ පාර්ලිමේන්තුවට වගකීම් වලින් පැන නොයන අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බවද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *