හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිතා කළ සුඛෝපභෝගී ජීප් රථයක් එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරික්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (08) අවසර ලබාදී තිබෙනවා.

ඊට අදාළ ඉල්ලීම අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙක් ලවා රැගෙනයාමට සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීමටද අධිකරණය අවසර ලබාදෙමින් එය පරික්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *