සෙනසුරු චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය හෙට (24) ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ හෙට (24) මධ්‍යම රාත්‍රියෙන් පසුව ජූලි 25 වනදා පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන් එම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවයි.
එමෙන්ම නැවත වරක් මෙවැනි සංසිද්ධියක් ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල් 24 වනදා බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
(rednews)