ලබන සෙනසුරාදා (09) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලටයි.
ඒ අනුව එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් ලෙස දැනුම්දී තිබෙනවා.