උතුරු පිලිපීනයේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් කුඩා ළමුන් සිව්දෙනෙක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
අනතුරට හේතුව රියදුරාට නින්ද යාම බවයි සඳහන් වන්නේ.
අනතුර සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(rednewsalert.lk)