වසර 8කට පමණ පසු රියදුරන් 100ක් බඳවා ගැනෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා.
මේ වන විට දුම්රිය රියැදුරු 150 කගේ පමණ හිඟයක් පවතින බවත්, දුම්රිය ප්රමාදයන්ට, අවලංගු වීම්වලට රියැදුරන්ගේ හිඟය ප්රධාන හේතුවක් බවත් මේ තත්ත්වයෙන් හෝ දුම්රිය ධාවනය සිදු කෙරෙනුයේ කොන්ත්රාත් පදනමින් බඳවාගෙන සිටින විශ්රාමික රියැදුරන්ගේ සහායෙන් බවයි වාර්තා වන්නේ.
මෙවර දුම්රිය රියැදුරු පුරප්පාඩු සඳහා කාන්තාවන් බඳවා ගැනීමක් සිදු නොකෙරෙන අතර කාන්තාවන් බඳවා ගැනීමට නම් බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කිරීම් කළ යුතු බවත් ඉදිරියේදී එම කටයුතු සිදුවිය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කළා.