මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 18දෙනෙක් සිටින බවයි.

ඒ අතර පිරිමි ළමුන් 11දෙනෙක් සහ ගැහැණු ළමුන් 7දෙනෙක් ද වනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 16.05%ක ප්‍රතිශතයක් කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *