2024 වසරේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් 13වනදා වන විට එම ප්‍රමාණය 300,162ක් ලෙස සටහන් වූ බවයි.

මෙම වසර තුළදී පිරිමි ශ්‍රමිකයන් 177,804ක් සහ කාන්තාවන් 122,358ක් රැකියා සඳහා විදේශ ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර 2022 වසරේදී ද ශ්‍රමිකයන් 310,948ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *