Month: July 2024

වනිඳු හසරංග පසුබසියි

නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු හසරංග එක් ස්ථානයක් පසුබසිමින් 4වන ස්ථානයට පත්ව තිබෙනවා. එමෙන්ම නවතම ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු ස්ථාන 2ක් පසුබසිමින්…

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරන දිනය මෙන්න

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු හැකි ඉක්මනින් සකස් කිරීමට පියවර ගෙන තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර තිබෙන බවයි එම කොමිසම වැඩිදුරටත්…

ජනපතිවරණය සඳහා සජිත් ඇප මුදල් තැන්පත් කරයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් අද (31) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල්…

ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක නායකයෙක් ජීවිතක්ෂයට

හමාස් සංවිධානයේ ප්‍රධාන පෙළේ නායක ඉස්මයිල් හනියා මීට සුළු මොහොතකට පෙර ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා…

වැසි තත්ත්වය තරමක වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (31) බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100…

මෛත්‍රීට එරෙහි වාරණ නියෝග 9ක් යළි දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයන්ට නිකුත් කර තිබූ වාරණ නියෝග 9ක් යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (30) නියෝග කර…

ඔලිම්පික් ගිය විරේන් පිරිමි කේවල ඉසව්වෙන් ඉවතට

මෙවර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මූලික වටයේ තරග දෙකම පරාජය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට පිරිමි කේවල ඉසව්වෙන් ඉවත්වීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.…

වැවිලි බෝග අපනයනයෙන් ඩොලර් මිලියන 1118.06ක ආදායමක්

2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයේදී තේ, රබර්, පොල්, කුරුඳු සහ ගම්බිරිස් යන වැවිලි බෝග අපනයනයෙන් ඩොලර් මිලියන 1118.06ක ආදායමක් ලැබී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 2023 වර්ෂයේ ජනවාරි…

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයින් 36ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළයේ Wayanad දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් සිය ගණනක් සිර…

යළි බිත්තර ආනයනයට අනුමැතිය

නැවත බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින් කේක් සහ බේකරි නිෂ්පාදනවල අවශ්‍යතාවය සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මේ…