Month: November 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් යළිත් රතු එළියක්

බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා යන ගැටලුවලට විසඳුම් ලබා නොදෙනේ නම් එළඹෙන අඟහරුවාදා සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එන්. ජේ.…

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට විශේෂ දිනයක් ලෙස හෙට නම් කරයි

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) නම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒ අනුව හෙට…

ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කරයි

නීතිවිරෝධී අයුරින් එකලස් කරන ලද සුඛෝපබෝගී මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක…

වසංගත රෝග තත්ත්වයන්ට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කරයි

වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් එම ඒකකය විවෘත කළ බවයි. එය…

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් අරඹයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වරකාගොඩ සඳහන් කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ…

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසී යයි

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසී ගොස් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (31) දිනයට යෙදී තිබූ දීපාවලි උතසවයෙන් පසුව දිල්ලි නගරයේ වායු ගෝලීය ගුණත්වය තවදුරටත් පහත වැටී ඇති…

පාකිස්ථානයේ පිපිරීමකින් 07 දෙනෙක් ජිවිතක්ෂයට

නිරිතදිග පාකිස්ථානයේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් රථය මාර්ගයේ ධාවනය වන විට කාන්ත පාසලක් අසල…

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති…

පාස්පෝට් ගැටලුව උග්‍ර වෙයි

විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණෙන් තවමත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. රජයේ නිවාඩු දිනයක් වුවත් ඊයේ (31) සිටම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල පුද්ගලයන් රැඳී සිටින්නේ අවම…

ඔස්ට්‍රියානු තානාපති අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපති Katerina Weiser අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. එම සාකච්ඡාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.…