2025 අයවැය යෝජනා ලබන ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත බවයි.
එමෙන්ම අයවැය විවාදය පෙබරවාරි 27 වනදා සිට මාර්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.