ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙම වසර තුළ මෙතෙක් ක්‍රීඩකයෙක් දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.

පර්ත්හිදී පැවති ට්‍රැක් ක්ලැසික් තරගාවලියේදී රුමේෂ් තරංග මීටර් 85.41ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර මෙය තරගාවලියේ නව තරඟ වාර්තාවක් බවටද පත්වීම විශේෂත්වයක්.

ජපානයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතාවලියට ඍජු සුදුසුකම් ලබා ගැනීමට රුමෙෂ්ට මෙම වාර්තාව ප්‍රමාණත් නොවූ අතර, ඊට සෙන්ටිමීටර් 9ක් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *