Month: January 2025

ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව…

දින 09ක් තුළ සංචාරකයන් 70,000ක් දිවයිනට

මෙම වසරේ මුල් දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම සංඛ්‍යාව 11,789ක්. එමෙන්ම…

යළි සහල් ආනයනය කරයිද?

යළි සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන ප්‍රකාශ කළා. ඒ ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේදී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී…

ගිනිඅවි යළි භාරදීමට ලබාදුන් කාලය ගැන තීරණයක්

පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී ඇති ගිනිඅවි යළි භාරදීමට ලබා දී ඇති කාලය කිසිදු විටෙක දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය සඳහන් කළේ දැනට පෞද්ගලික පරිහරණය සඳහා පොලීසිය…

ඇමරිකානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

ඇමරිකානු ජනාධිපති Joe Biden සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දුරකථන සංවාදයක නිරත වෙමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයට අවශ්‍ය ඇමෙරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක…

විශේෂ දුම්රිය 4ක් ධාවනයට

එළඹෙන 14වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජයසුන්දර සඳහන් කළේ ඊයේ (10) සිට මෙම…

රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු 8ක් විවෘත කරයි

පැවති වර්ෂාව හේතුවෙන් අංගමුව සහ රාජාංගන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 5 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම…

පස්සරදී බස් රථ අනතුරක්

කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අද (11) උදෑසන අනතුරකට ලක් වී තිබෙනවා. එහි රියදුරුට නින්දයෑම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි…

2024 වසරේ සංචාරක ආදායම හෙළිවෙයි

පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 248,592ක් පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම වසරේදී සමස්ත සංචාරකයන් 2,053,465ක් දිවයිනට පැමිණ ඇති බවයි. එය 2023 වසරට…

බොරතෙල් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (11) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වුණා. එය 3.69%ක වැඩි…