Month: January 2025

ඉදිරියේදී නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්වෙයි

පවතින මගී ඉල්ලුම නිසා දුම්රිය සේවය පුළුල් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර පවසනවා. ඔහු සඳහන් කළේ නව දුම්රිය කිහිපයක් ඉදිරියේදී ධාවනයට එක්…

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා – ජනාධිපති

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් කොළඹදී පැවතී සැමරුම් උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු වැඩි දුරටත්…

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණයෙන් ලංකාවට වාර්තාවක්

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ජොහාන් පීරිස් සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම කන්ද මීටර 4,892කින් යුත් බවයි.

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේදීයි. මෙම සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්විමට තීරණය කර…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 270ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් වසමේ ගුවන්තොටුපළ හන්දිය අසන්නයේදීයි. ගල්කිස්ස පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම…

රතු කැකුළුවලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්

රතු කැකුළු සහල්වලට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම්…

ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විකිණීමට සූදානම් කර තිබූ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක් වූ ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක පොලිස් වසමේ ඇවරියවත්ත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (27) කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්…

අගමැතිනිය කැතරින් වෙස්ට්ව හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට්ව හමුවී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දරිද්‍රතාවය තුරන්…

වසරක් තුළ ළමා අපයෝජන පැමිණිලි 321ක්

2024 වසරේදී ළමුන් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. පසුගිය වසරේ ජනවාරි මස 1වනදා සිට දෙසැම්බර් මස 31වනදා දක්වා කාලය…

රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කරයි

රජයේ වී ගබඩා 84ක පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. ඒ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන්. කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර,හම්බන්තොට, සහ මාතර…